ඊට ප්‍රධාන හේතු වී ඇත්තේ ලක්ෂ 80 ක විශාල මාසික කුලියක් ගෙවන්නට සිදුව තිබෙන නිසාත් පහසුවෙන් ග්‍රාමීය ශිල්පීන්ට එම ස්ථානයට පැමිණීමට නොහැකි වීමත්ය.
ඒ අනුව අමාත්‍යාංශය ‘අපේගම’ ට රැගෙන යෑමේ කටයුතු සැලසුම් කිරීම අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදු විය.
එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ අමාත්‍යාංශයට අයත් ආයතන වල සභාපතිවරුන්, එම ආයතන වල නිලධාරීන් සහ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පිතුමා ඇතුළු නිලධාරීන් සහභාගී විය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
‘මම වැඩ භාරගත්ත අවස්ථාවේම කිව්ව විදිහට, අමාත්‍යාංශය ‘අපේගම’ පරිශ්‍රයට ගෙන ඒමේ කටයුතු කඩිනම් කිරීමට අද දින ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ ඉන්ජිනේරු මහත්වරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් සමග එහි දළ සැකැස්ම ගැන මූලික අධ්‍යනයක නිරත වුණා. මගේ බලාපොරොත්තුව ඉතා ඉක්මණින් මෙම ස්ථානයට පැමිණිමයි’ යනුවෙන් පැවසීය. ඒවගේම අපේගම පරිශ්‍රය අමාත්‍යාංශය යටතට පත්කර ගැනීමට අවශ්‍ය කටයුතුද කඩිනම් කරන බව එතුමා වැඩිදුරටත් පැවසීය.