එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සහභාගි වූ අතර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ත්‍රීෂාන්ති ද සොයිසා මහත්මිය, ගොඩකවෙල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත බණ්ඩාර මහතා, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කපුරුගේ මහතා, ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය රත්නපුර දිස්ත්‍රික් කළමනාකරු එස්. පී .ගමගේ මහතා ඇතුළුව ප්‍රෙද්ශවාසී ජනතාව සහභගී විය.
එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
රත්නපුර දිස්ත්‍රික්කයේ තවත් සහෝදර මන්ත්‍රීවරයෙක් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දිවුරුන් දීම සම්බන්ධයෙන් සමහරු ආණ්ඩුවට බනිනවා. බහුතරයක් සමගි ජන බලවේගයේ අය . ඒ අයට අපිට බහින්න හේතුවක් නෑ. එතුමාට මරණීය දණ්ඩනය නියම කරෙත් උසාවිය, එතුමාට පාර්ලිමේන්තු එන්න අවසර ලබා දුන්නෙත් උසාවිය. උසාවිය ස්වාධීන ස්ථානයක්.උසාවියට අයත් කාර්යන් වලට අපි සම්බන්ද වෙන්නේ නෑ. උසාවිය නීතිය ක්‍රියාත්මක කරල තියෙන්නෙ.
නමුත් නීතිය සුළු වශයෙන් දැන ගැනීම භයානකයි. ෆීල්මාෂල් ෆොන්සේකා මහතා චෝදනා ලැබුවේ හමුදා පනත යටතේ.හමුදා පනත යටතේ එතුමා කෝට් මාෂල් එකෙන් වැරදිකාරයා උනාම එතැනින් ඒක ජනාධිපතිවරයා අත්සන් කරාම එතුමා ඒ දණ්ඩනයට යටත්.නමුත් ප්‍රේමලාල් මහතා දණ්ඩනයට යටත් කරනු ලැබුවත්, එතුමා අභියාචනාධිකරණයට, අභියාචනයක් අරගෙන තිබෙන නිසා එතුමාගේ දණ්ඩනය ක්‍රියාත්මක වන්නේ නෑ.එය අත්හිට වෙනවා.මෙන්න මේ වෙනස අපි ජනයාට පැහැදිළි කර දිය යුතුයි යැයි පැවසීය