පළාත් පාලන හා පලාත් සභා රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ව්‍යාපෘති ) එම්.එම්.නජිමුඩීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම විශේෂ සාකච්ජාවට ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ට සෞඛ්‍ය විශේෂඥ , විශේෂඥ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා , මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් මෙන්ම පලාත් සෞඛ්‍ය ලේකම්වරුන් මෙම රැස්වීමට එක්ව සිටියහ.
දිවයිනේ සියලු පලාත්වල කුඩා රෝහල් වලට බලපාන පොදු ගැටලුවක් ලෙස වෛද්‍ය හා හෙද කාර්‍ය මණ්ඩල හිගය මගහරවාගැනීමට කඩිනම් වැඩපිලිවෙලක් යෝජනා කෙරින . ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය මෙන්ම සෙසු සෞඛ්‍ය බලධාරීන්ගේ විශේෂ අවධානය ඉදිරියේදි මේ පිලිබදව වඩාත් යොමුකර ගැටලුව විසදා ගැනීමට කටයුතු කෙරේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘති කටයුතු ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර සහකාර නිලධාරීන්ගේ සහාය ලබා ගනිමින් මෙම කාර්‍ය මණ්ඩල හිගයට යම් විසදුමක් හෝ ලබා ගැනීමට යෝජනාවක් පලාත් සෞඛ්‍ය බලධාරීන් වෙතින් ඉදිරිපත් විය .ඉදිරියේදී නිල වශයෙන් මෙම ඉල්ලීම සෞඛ්‍ය ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.
සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් රෝහල්වල රසායනාගාර සියලු පහසුකම් සහිතව වැඩිදියුණු කිරීමේ කටයුතු දැන් සිදුවෙයි . ඉන් අනතුරුව රසායනාගාර පහසුකම නොමැති අවට රෝහල වලින් ගෙනෙන සාම්පල පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක්ද සැකසේ. ජනතාව රෝහලට කැඳවීම වෙනුවට ගමට ගොස් ජංගම රසායනාගාර සාම්පල එකතු කිරීමේ සේවාව මගින් සාම්පල ලබාගැනීමේ ක්‍රමය දිරිමත් කෙරේ.
ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ඉදිරි සැලසුම් මින් ඉදිරියට එසැණින් යාවත්කාලීන වන පරිගණක ගත තොරතුරු පද්ධතියකට ඇතුලත් කෙරේ. ඉන් පසු සෞඛ්‍ය බලධාරීන්ට පමණක් නොව අතිගරු ජනාධිපතිතුමාට පවා ඕනෑම මොහොතක මෙම කටයුතුවල ප්‍රගතිය හා ඉදිරි සැලසුම් එසැණින් විමසා බලා අවශ්‍ය උපදෙස් ලබාදීමේ වැඩි අවස්ථාවක් සැලසේ. එසේම මේ වසර අවසන් වීමට පෙර පලාත් නවයේ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 100 කට අධික සංඛ්‍යාවක් නිමකර ජනතා අයිතියට පත් කිරීමේ ඉලක්ක ලබාදීම සිදුවිය.
දිස්ත්‍රික්ක විසිපහම නියෝජනය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලවලට කැබ් රථ ලබාදීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි 807 ක් ලබාදීමේ සියලු කටයුතු ව්‍යාපෘතිය විසින් පසුගිය අගෝස්තු 30 වනදා වනවිට අවසන් කර ඇත. යතුරුපැදි සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයට අගෝස්තු 30 වනදා වනවිට භාරදුන් බවද සාකච්ජාවේදී අනාවරණ විය. තවත් වැදගත් කරුනු රැසක් සාකච්ජා වූ අතර එම කරුණු ඉදිරියේදී සවිස්තරාත්මකව මාධ්‍ය වෙත යොමු කෙරේ.