ධර්මායථනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියෝ දහඅට රියන් අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව සහිත ප්‍රතිමා වහන්සේ නිරාවරණය කළහ.
ඊට අදාළ සමරු ඵලකය හා බුද්ධ ප්‍රතිමා වහන්සේට ප්‍රථම මල් පූජාව ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිදු විය.
මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මහාචාර්ය මැදගම නන්දවංශ නාහාමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මාලඹේ, ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය විලේබොඩ ගුණසිරි ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නය හා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රදීප් උදුගොඩ, ජගත් කුමාර මහත්වරු ඇතුළු ප්‍රදේශවාසී බෞද්ධ බැතිමතුන් රැසක් එක්ව සිටියහ.