සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමේ අරමුණින් ගරු අග්‍රාමාත්‍යතුමා මෙම තීරණයට එළඹ තිබේ.
දැනට සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ග හා අබලන් තත්ත්වයේ පවතින සියලුම මාර්ග අලුත්වැඩියා කිරීම කඩිනමින් සිදු කරන ලෙස අග්‍රාමාත්‍යතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත.
මේ අවස්ථාව වන විටත් දේශීය සංචාරකයින්ද තම සංචාරක කටයුතු රට තුළ ආරම්භ කර ඇති පසුබිමක හා විදේශීය සංචාරකයින් අතර, ශ්‍රී ලංකාව සංචාරය කිරීමට සුරක්ෂිත රටක් ලෙස අවධානය යොමුව ඇති පසුබිමක රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට එය කදිම අවස්ථාවක් බව ද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරයි.
ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව විදේශීය සංචාරකයින් මෙරටට පැමිණීම හා සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමේ පෙර සූදානමක් ලෙස මෙම මාර්ග පිළිසකර කිරීම හා අලුත්වැඩියා කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍යතුමා අවධාරණය කරන ලදී.