එහිදී අදහස් දැක් ව ඇමතිවරයා පැවස්යේ, ගංවතුර අවදානම ඇතිවිය හැකි ප්‍රදේශ වෙත සිය අවදානය යොමු කරමින් ඒ ඒ ප්‍රදේශ වෙත සිදුවිය හැකි හානි අවම කිරීමට ගතහැකි කෙටිකාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ බළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
විශේෂයෙන් අවධාරණය කලේ කොළඹ මහ නගරසභාව ඇතුළුව අනෙකුත් නගරසභා සහ ප්‍රාදේශීය සභා වල ක්‍රියාකාරී සහභාගීත්වය මෙම කටයුත්ත වෙනුවෙන් ලැබිය යුතු බවයි.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජනරාල් එම්.ආර්.ද සොයිසා මහතා ඇතුළු එම ආයතනයේ නිළධාරී මණ්ඩලය,කොළොන්නාව නගර සභාවේ නගරාධිපති,කොටිකාවත්ත මුල්ලෙරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති,වාරිමාර්ග දෙපාර්තමෙන්තුව,මාර්ග සංවර්ධන අධිකාරිය,ජල සම්පාදන මණ්ඩලය,විදුලිබල මණ්ඩලය,ශ්‍රී ලංකා වරාය අධිකාරිය,ශ්‍රී ලංකා යුද හමුදාව,නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය යන ආයතන නියෝජනය කරමින් අදාළ බළධාරීන් සහභාගී වන ලදී.