ඔහු මේ උපදෙස් ලබා දුන්නේ අමාත්‍ය ශ්‍රවණාගාරයේදී දැනට ක්‍රියාත්මක කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
ඒ ඒ පලාත් වලට ආවේණික මාර්ග දෙපස සිටුවීම සදහා වඩාත්ම ගැලපෙන ශාක ප්‍රභේදයන් හදුනාගැනීම සිදු කරන ලෙසද ඒ සදහා විශේෂඥ සහය ලබාගන්නා ලෙසද මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදී.
මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැවසූවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග සාකච්ඡා කර කඩිනමින් මාර්ග දෙපස සිටුවිය යුතු හා ඒ ඒ පලාත් වලට ගැලපෙන ශාක ප්‍රභේදයන් හදුනාගැනීමට කටයුතු කරන බවයි. ඇහැළ, කුඹුක්, කොහොඹ යන ශාක ප්‍රභේද කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවද නිලධාරින් අමාත්‍ය වරයා වෙත පවසන ලදී.
මෙම හරිත ව්‍යාපෘතීයේ ආරම්භය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන ලදී. විශේෂයෙන්ම මාර්ග සංවර්ධන කිරීමේදී පරිසරයටද ප්‍රමුඛස්ථානයක් දියයුතු බවද අමාත්‍ය වරයා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදී