අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය උඩුගම්පොළ හේමරතන නාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේ දී මේ අදහස් පළ කරන ලදී.
විශේෂයෙන් ම මානව සම්පත් සංවර්ධනයට අවශ්‍ය ආයතන පහක් සම්බන්ධීකරණය කරලා එක් අමාත්‍යාංශයක් යටතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා පියවර ගෙන ඇති බව ද මෙහි දී වැඩිදුරටත් පැවසීය.
20 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාට වැඩි බලතල ලබාදෙන බව, ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වෙනවාය යන්න සම්පූර්ණයෙන් ම වැරදි මතයක් බවත්, මුලු රටේ ම වැඩි ඡන්දයෙන් පත්වූ කෙනෙකුට රටේ යාන්ත්‍රණය සකස් කිරීමට තීරණ ගැනීමේ ශක්තියක් තිබිය යුතු බවත් මෙහි දී අදහස් දක්වමින් ආචාර්ය හේමරතන හිමියන් සඳහන් කළහ. වැඩිදුරටත් මෙහි දී අදහස් පළ කළ ආචාර්ය උඩුගම්පොළ හේමරතන හිමියන් පැවසූයේ, “මෑතක දී අපි පහුකළේ අතිශයින් ම අකර්මණ්‍ය පාලනයක්. අලුත් රජයෙන් ඉක්මණින් ලොකු සේවාවක් සිදුවේවි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා. අලුත් සංශෝධනයක් ලැබුණේ නැත්නම් ජනාධිපතිතුමාට ඒ සේවාව කරන්න අමාරුයි. සමහරු මේ සංශෝධනය හොඳ නෑ කියලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට මුවාවෙලා මේක අවුල් කරන්න හදනවා...” යනුවෙනි.