ස්වයංපෝෂී ශ්‍රී ලංකාවකට සහල්, අල, ලූණු, එළවළු, පළතුරු මුලු රටටම සැපයූ උතුරේ ගොවියා තිස් වසරක ශාපලත් යුද්ධයත් සමඟ කඩා වැටුණි. උතුරේ ආර්ථිකයද පුපුරා ගියේ දකුණේ ජන ජීවිතවලට ලබාදුන් සහනයද නැතිකරමිනි.
මෙවන් යුගයක යුධගිණි නිවාලූ නායකත්වයන් දෙපලගේ ආශිර්වාදය ලබමින් වත්මන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උතුරේ කෘෂිකර්මාන්තය නැවත නගා සිටුවීමේ අරමුණ පෙරදැරි කරගනිමින් 2020 සැප්තැම්බර් මස 15 අද දින උතුරුකරයේ ගොවි ජනතාව මුණගැසීමට නියමිතව ඇත.
එහිදී ගොවි ජනතාවට තමන්ගේ ප්‍රශ්න ඍජුවම කතා කිරීමට ජංගම සේවයක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. මෙරට රජයක කෘෂිකර්ම අමාත්‍යවරයෙකු මෙසේ උතුරේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමට පියවර ගන්නේ දශක හතරකටත්අධික කාලයකට පසුව වීම විශේෂත්වයයි.