ඒ මහතා මේ බව සඳහන් කළේ, පසුගියදා දඹුල්ල ආසනයේ පළාත් පාලන නියෝජිතයින් සමඟ පැවති හමුවකදී ය.
පූර්ව රජයන් රටේ ග්‍රාමීය සංවර්ධනය සම්බන්ධයෙන් අවම සැළකිල්ලක් දැක්වූ බවත්, මැතිවරණ පරාජයන් උදෙසා පවා මෙය බලපෑ බවත්, එසේ වුවද වත්මන් රජය ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
“ජනාධිපතිතුමා පහුගිය කාලේ පුරා රටපුරා ගමන් කරමින් සොයා බැලුවේ මේ ජනතාවගෙ අවශ්‍යතාවයන් මොනවද කියන දෙය.මේ ග්‍රාමීය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදි පළාත් පාලන නියෝජිතයින්ට පැවරෙන වගකීම අතිවිශාලයි” යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.