ඇමතිවරයා මේ බව පැවසුවේ, ඉදිවෙමින් පවතින අරුවක්කාරු සනීපාරක්ෂක කසළ රඳවනය සහිත ප්‍රදේශය පරීක්ෂා කිරීමේ චාරිකාවක ඊයේ (14) දිනයේ දී නිරත වෙමිනි.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, එවකට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන සමයේ එතුමන්ගේ දැක්මකට අනුව කොළඹ සහ නගරාශ්‍රිත කසළ කළමණාකරණය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි.
දෛනිකව කොළඹ නගරයේ සහ ඒ ආශ්‍රිත නගර වල එකතු වන කසළ කැළණිය ප්‍රදේශයේ අංගනයක් තුළ විවිධාංගීකරණයට ලක්කොට දුම්රිය බහාලුම් මගින් රැගෙන ගොස් පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනයේ බහාලීමට නියමිතය.
මේ සියළු කටයුතු සිදු කරනු ලබන්නේ පරිසර හිතකාමීව ජනතාවට කිසිඳු ආකාරයක අපහසුතාවයක් ඇති නොවන පරිද්දෙන් බව අමාත්‍යවරයා විශේෂයෙන් අවධාරණය කළේ ය.