සැප්තැම්බර් මස 22 වැනි දින පෙරවරු 08. 30 සිට පස්වරු 04.00 දක්වා ලුණුවිල, බණ්ඩිරිප්පුවවත්ත, පොල් වගා කිරීමේ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වෙන මෙම වැඩසටහනේදී වාහන අමතර කොටස්, රබර් සීල්, රබර් බිම් ඇතිරිලි, රබර් මිශ්‍රිත මල් පෝච්චි, මෙට්‍රස්, ඇසුරුම් ද්‍රව්‍ය හා ලේටෙක්ස් යනාදිය සම්බන්ධයෙන් දැනුම ලබාදීමට නියමිතය.
මෙම වැඩසටහනට දැනට එම කර්මාන්තයට සම්බන්ධ අයවලුන්ට මෙන්ම අලුතින් කාර්මාන්ත ආරම්භ කරන අයටද සම්බන්ධ විය හැකි අතර මෙහිදී සම්බන්ධවන පුහුණු සම්පත් දායකයන් විසින් න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබා දීමට නියමිතය.
මෙහි ලියාපදිංචි ගාස්තුව රු. 1000ක් වන අතර ලියාපදිංචිවීම සඳහා ලංකා බැංකුවේ ගිණුම් අංක ‘7491255’ට මුදල් බැරකිරීමෙන් හෝ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ හලාවත දිස්ත්‍රික් ශාඛාවට පැමිණ මුදල් ගෙවීමෙන් ලියාපදිංචි විය හැකිය.