ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පසුගිය දා සංචාරයක නිරත වු ධීවර අමාත්‍යවරයා එම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටළු ගැන සොයා බැලීය.
මෙම දිස්ත්‍රික්කයේ ධීවර සංගම් සාමාජිකයින් සමග පසුගියදින සාකච්ඡා කළ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මෙම ප්‍රකාශය සිදු කළේය.
මෙහිදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දිගින් දිගම නීතිවිරෝධී ධීවර කර්මාන්තයේ විශාල පිරිසක් යෙදෙන බව ධීවර සංගම් නියෝජිතයෝ පෙන්වා දුන්හ. මෙම නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීමට අදාල නිලධාරින් විවිධ පොරොන්දු දෙන නමුත් නිසි ලෙස කටයුතු නොකරන බවටද මෙම ධීවරයින් චෝදනා කළහ.
තවද පසුගිය දා රටේ ඇති වු කොරෝනා උවදුර නිසා පසුගිය මාස කිහිපය තුළම සිය ධීවර කටයුතු වලට බාධා ඇති වු බවත් එම නිසා දැඩි ආර්ථික අර්බුධයකට තමන්ට මුහුණ දීමට සිදු වී ඇති බවද මෙම ධීවරයින් අමාත්‍යවරයාට පෙන්වා දුන්හ. මෙම ධීවර ජනතාවගේ ගැටළුවලට සවන් දුන් අමාත්‍යවරයා, එම ධීවරයින්ට සහනයක් ලෙස රජය විසින් සහන පොලියට ණය ලබා දීමට තීරණය කර ඇති බවත් එසේ ණය ලබා ගැනීමට අපේක්ෂා කරන අය හට බැංකු වලින් ඇතිවන ගැටළු සදහා විසදුම් ලබා දීමට රජය සමග සාකච්ඡා කර තමන්ට හැකියාව ඇති බවද ප්‍රකාශ කළේය.