සොෆ්ට්ලොජික් සමාගම විසින් 16 දින සංවිධානය කළ අයෝජක මණ්ඩපය තුළ අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, 2019 දී වත්මන් රජය බලයට පැමිණි පසු මෙම කඩිනම් ක්‍රියාමාර්ග ගත් අතර ඒ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වුවද ඇත්ත තත්වය ගෙන බලන විට එයින් සිදුවී ඇත්තේ යහපතක් බවයි.
ඒ අනුව පසුගිය රජය 2019 දී බලාපොරොත්තු වූ ආදායම වූයේ රුපියල් බිලියන 2200ක් (ට්‍රිලියන 2.2 ක්) වුවද ඔවුන්ට සියලුම බදු වැඩිකිරීම හා ජනතාව මත බර පැටවීමෙන් ලබාගත හැකිවූයේ රුපියල් බිලියන 1800ක් (ට්‍රිලියන 1.8ක්) පමණක් බවත්, බදු හා පොළි අනුපාත අඩු කිරීම මත මෙරට ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කිරීමට නිදහසක් ලැබිම හරහා රජයට අමතර ආදායමක් ලබාගත හැකි බවත්, ව්‍යාපාර වර්ධනය හරහා රටේ ආර්ථික වර්ධනය ලබාගත හැකි බවත්, අමාත්‍යවරයා පැහැදිළි කළේය.
ආර්ථිකය කඩා වැටුනු රටක යළි ආර්ථිකය නගාසිටුවන්නේ නැතිනම් කිසි දිනක බදු ආදායම් හොඳ තත්වයෙන් ලබා ගැනීම බලාපොරොත්තු විය නොහැකි බවද පසුගිය රජය අනවශ්‍ය ලෙස බදු බර පැටවීම නිසා ඔවුන් බලාපොරොත්තු වූ ආකර්ශනීය ආදායම් ප්‍රතිශත සැබෑ කරගැනීමට නොහැකි වූ බවද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.