සිසිර ජයකොඩි අමාත්‍යවරයාගේ සංකල්පයක් මත එම අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් මතට ඇබ්බැහි වූ තරුණ ප්‍රජාව ඉන් මුදවාගනු වස් ඊයේ (15) දින කිරිබත්ගොඩ රෝයල් පාර්ක් උත්සව ශාලාවේ පැවති “පුනර්ජීවනී” මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවේදී සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වී ඇති අප රටේ තරුණ පිරිස් ඉන් මුදවාගනු වස් සිදුකිරීමට අපේක්ෂිත දීර්ඝකාලීන, නේවාසික සහ ක්‍රමානුකූල වැඩපිළිවෙලක සමාරම්භය මෙය බව සිහිපත් කළ අමාත්‍යවරයා, මේ වන විට රට පුරා මත්ද්‍රව්‍ය වැටලීම් රාශියක් සිදුවන බවත්, ඉන් සුවිශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් දිනෙන් දින අත්අඩංගුවට ගනිමින් ආරක්ෂක අංශ වල භාරයට ගන්නා බවත් පැවසුවේය.
මෙලෙස රට තුළ මත්කුඩු හිගවූ පසු අප රටෙහි මතට ඇබ්බැහි වූ තරුණ ප්‍රජාව ඉන් මුදවා ගන්නේ කෙලෙසද යන්න ගැටලුවක් බවත් එම ගැටලුවට දේශීය ආයුර්වේද ක්‍රම ඔස්සේ මෙම වැඩසටහන හරහා සාර්ථක පිළිතුරු ලබාදෙමින් යහපත් දරුවන් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසුවේය.
මෙම වැඩසටහන යටතේ ප්‍රධාන අරමුණ වශයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සදහා ප්‍රතිකාර පද්ධතියක් හදුන්වා දී ඇත. මෙම වැඩපිළිවෙලෙහි දෙවනි අරමුණ වන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ඉන් මුදවාගෙන ඔවුන් යහපත් පුද්ගලයන් වශයෙන් සමාජගත කිරීමයි.
ඒ අනූව මත්ද්‍රව්‍ය භාවිතය පිටුදැකීම හා නිවාරණය කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදී ඇත. ඒ යටතේ රෝග පරීක්ෂා ක්‍රම, රෝග ප්‍රතිකාර ක්‍රම, ආයුර්වේදයේ ඇති ශෝධන, සමන ප්‍රතිකාර සහ පංචකර්ම ප්‍රතිකාර සහිතව පවතින අතර පශ්චාත් ප්‍රතිකාර ක්‍රම වශයෙන් රසායන සහ තර්කන ප්‍රතිකාර ක්‍රම පවතී.
විශේෂිත වූ ආහාර රටාවන් හදුන්වාදෙන අතර එය නිර්මාංශ හා සමබල ආහාර රටාවකට හුරු කිරීමකි. ආයුර්වේද මූලධර්ම අනූව විදි හදුන්වාදෙන අතර ආයුර්වේද ක්‍රමවේදයන්ට අනූව මනෝ උපදේශනය සදහා බුදු දහම, යෝග දර්ශනය සහ දේශීය සංගීත චිකිත්සා යොදාගැනෙනු ඇත.