රජයේ නිල වෙබ් අඩවිය සමඟ කළ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වන විට තේ සඳහා මිළ සූත්‍රයක් පවතින බවත්, ඉදිරියේදී ඒ ආකාරයටම කුළු බඩු භෝග මිළ සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බවත්, එමඟින් කුළුබඩු භෝග ගොවියාට සාධාරණයක් කිරීම තම අරමුණ බවත්, රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කඩිනමින් නව සීනි කර්මාන්ත ශාලා දෙකක් ඉදි කිරීමට කටයුතු කරන බවද ඉන් මෙරට සීනි හා උක් ආශ්‍රිත නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට කටයුතු කරන බවත්, ජානක වක්කුඹුර මහතා පැවසීය.
එමෙන්ම මෙරට සුළු අපනයන භෝග ගම්මාන ස්ථාපිත කරමින් සුළු අපනයන භෝග වැවීමට ජනතාව දිරිමත් කිරීමට කටයුතු යොදා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.