රාජ්‍ය ඇමතිවරයාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ මෙම ප්‍රදර්ශනය අද (16) හා හෙට (17) දිනවල පෙ.ව.8.30 සිට ප.ව 8.30 දක්වා බත්තරමුල්ල දියත උයනේ දි පැවැත් වේ.
මෙම ප්‍රදර්දනය අවුරුද්ද පුරා සෑම සතියකම බ්‍රහස්පතින්දා දින පැවැත්වීමට බලාපොරොත්තු වන බවද රාජය ඇමතිවරයා පැවසීය.
තමා මෙම තනතුර භාර ගත් දා සිට හස්ත කර්මාන්තයේ නිරත වු ශිල්පීන්ගේ ගැටලු විසදීමට උත්සහා ගන්නා බවත්, ඒ සඳහා වෙළඳපොළ සකසා දීම, අමුද්‍රව්‍ය ලබා ගැනීම,තාක්ෂණික අවශ්‍යතාවයන් සපුරා ගන්නා ආකාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින බව ද කීය.
එසේම, මෙම කටයුතු සඳහා අමාත්‍යාංශයක් ලෙස තනිව නොව ,පරිසර ,වනජීවි,කෘෂිකර්ම,ආරක්ෂක යන අමාත්‍යාංශය ඒකාබද්ධ කොට විසඳුම් ලබා දිමට කටයුතු කරන බව කීය.
එසේම දේශිය නිෂ්පාදන සම්බන්ධයෙන් පාසල් දරුවන්ගේ අවධානය යොමු කිරිම සඳහා අධ‍්‍යාපන අමාත්‍යාංශය ද මීට සම්බන්ධ කරගැනිමේ වැඩ පිළිවෙළක් ඇතැයි ද රාජ්‍ය අමැතිවරයා ප්‍රකාශ කළේය.
දේශිය වෙළඳපොළට මෙන් ම විදේශිය වෙළඳපොළට ද භාණ්ඩ නිෂ්පාදනය කිරිම අපගේ අරමුණ බව ද එහි දි රාජ්‍ය අමැතිවරයා වැඩිදුරටත් පැවසීය.මෙම ප්‍රදර්හනය සඳහා අත්කම් ශිල්පිහු 125ක පමණ ප්‍රමාණයක් එක් ව සිටියහ.