එවැනි හඳුනානොගත් වාහන අනතුරු වලට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් 24 දෙනකුට රුපියල් ලක්ෂය බැඟින් ලක්ෂ 24 ක් සහ මියගිය අය 08 දෙනකු සඳහා ඔවුන්ගේ යැපෙන්නන් හට ලක්ෂ 02 බැඟින් ලක්ෂ 16 ක් වූ මුල්‍ය ප්‍රදානයන් සිදු කිරීම මෙහි දී අමාත්‍යවරයා අතින් සිදු විය.
අමාත්‍යවරයා මෙහි දී සිය අදහස් මෙසේ දැක්වීය;
“මේ රටේ මහජනයාගෙන් භාගයක්වත් දන්නේ නැහැ මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාවක් තියෙනවා කියලා. ඒ ජාතික සභාවෙන් කෙරෙන කටයුතු මොනවද කියලා රටේ ජනතාව හුගක් අඩුවෙන් දන්නේ. මේ සභාව තමයි මේ රටේ මාර්ග අනතුරක් සිදු වෙලා අනතුර සිදු වවූ පාර්ශ්වය හඳුනාගැනීමටනොහැකි වුවොත් ඊට වන්දි මුදලක් ලබා ගැනීමට නොහැකි වුණොත් සහපොලිසිය මඟින් ඒ පිළිබඳව වාර්තා කළහොත් ඒ පිළිබඳව මැදිහත් වීතක්සේරුවක් කර වින්දිතයින් හට යම්කිසි වන්දි මුදලක් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ. මෙරට තුළ මාර්ග නීති සකස් කරන්නට, මාර්ග නීති කඩන්නන් අවම කරගැනීමට ඔවුන්ව දැනුවත් කිරීමට සහ ඒ පිළිබඳව අධ්‍යනය කිරීමට මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව මඟින් කටයුතු කරනවා
මම මේ අමාත්‍යංශයේ ඇමතිවරයා ලෙස පත් වූ දවසේ සිට උත්සහ කලේ අප අමාත්‍යංශය යටතේ තිබෙන ආයතන මොනවාද, ඒවායේ ක්‍රියාකාරිත්වය සහ රටේජනතාව වෙනුවෙන් ඇයි මෙම ආයතන පවත්වාගෙන යන්නේ කියන කරණයපිළිබඳව සොයා බැලීමටයි.
පසුගිය දශක දෙක මේ රටේ සෑහෙන වෙනස්කම් සිදු වූ කාලයක්. මහවැලියෝජනා ක්‍රමය ආරම්භ වීමෙන් පසු රටේ විවිධ පළාත්වල සංවර්ධන ඇති වුණා. පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර කාලයේ දී මේ රටේ මාර්ගපද්ධතියට අලුත් ශක්තියක් ඇති වුණා. අධිවේග මාර්ග, අතුරු මාර්ග, කාපට් මාර්ග නිසා ගමනාගමනය වැඩි වෙලා වගේම වේග සිමාවනුත් වැඩි වෙලාතියෙනවා.
පාරේ කුඩා වාහන වලට වඩා විශාල බර වාහන පාරේ ගමන් කරනවා. මේ වගේ කටයුතු ඇතිවෙනකොට මාර්ග ආරක්ෂාව පිලිබඳ නීති රීති තවත් ශක්තිමත් විය යුතුයි. බස් රියදුරු මහත්වරුන්,සෙසු රියදුරු මහත්වරුන් මිට වඩා දැනුවත් වියයුතුයි“
මාර්ග සංඥා, මාර්ග නීති පිළිබඳව මහජනතාවට දැනුවත් කරනන්ට සහ රියදුරු මහත්වරුන් මාර්ග නීති රීති අනුගමනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව දැනුවත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව දැනුවත් කර තිබෙන බවත් එමෙන්ම, මාර්ග තදබදය අවම කිරීමට නිමිත මංතීරු ක්‍රමයක් සකස් කර ඇති අතර ඊළග සතියේ සිට එකීමංතීරු මාරු කළ හොත් නීති විරෝධී කටයුතු යටතේ දඩයකට යටත් කෙරෙන බවත්, මෙකි සෑම කටයුත්තක දී ම රජය බලාපොරොත්තු වන්නේ ගමනාගමනය පහසු කරන ගමන්ම විනයක් ඇතිව නීති රීති අනුව කටයුතු කිරීම බවත් අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩි. අල්විස්, මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් බෙන්ස්, ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්.එච්. තිලකරත්න යන මහත්වරු සහභාගී වූහ.