මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට පංච පුද්ගල කමිටුවක්

    සැප්තැම්බර් 16, 2020

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්ම්ය විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ

     ශ්‍රී ලංකාවෙි වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලද අතර, එම කමිටුව පත් කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය පහත පරිදි අදහස් දක්වන ලදි.

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව ප්‍රඥප්තියක් මගින් ස්ථාපිත කරන ලද ස්වාධීන ආයතනයක් වන අතර, එහි ප්‍රධානතම කාර්යභාරය වනුයේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම තුලින් ගුණාත්මක වෛද්‍ය සේවයක් පවත්වා ගැනීමයි. එය සුරක්ෂිත කිරීම සදහා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමත්, වෛද්‍යවරුන් නියාමනය කිරිමත් එම ආයතන මගින් සිදු කරනු ලබයි. එසෙම වෛද්‍ය ආඥා පනතට අනුව වෛද්‍ය සභාවේ තීන්දු තීරණ වල අවසන් වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයාට පවරා ඇත.

    එසේ වුවද, වෛද්‍ය සභාවේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්ව වලින් මා හට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිලි වලින් ඉල්ලා සිටින ප්‍රධානතම කරුණක් වනුයේ වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට ඇතිව ඇති බලපෑම හා නැවත වෛද්‍ය සභාව ස්වාධීනව කටයුතු කරන ආයතනයක් බවට පත් කර දෙන ලෙසත් ය. ඉදිරිපත් වූ ප්‍රධාන පැමිණිලි 05 කෙරෙහි මාගේ අවධානය යොමු කරන ලදි.

    01. මේ දිනවල දැඩි කථා බහට ලක් වූ ජාත්‍යන්තරය පිළිගත් විදේශීය විශ්ව විද්‍යාල කිහිපයක ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන්ඇති වූ සිද්ධි මාලාව.

    02. වෛද්‍ය සභාව තුල පුරප්පාඩු වී ඇති වෛද්‍ය සභා නියෝජිතයින් පත් කිරීම සදහා පවත්වන්නා වූ නිලවරණය දිගින් දිගටම කල්දැමීම.

    03. අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම්වත් සපුරා නැති වෛද්‍යවරු වෛද්‍ය සභාව තුල ලියාපදිංචියට කටයුතු කිරීම.

    04. විදෙස් වෛද්‍ය උපාධිය ලබාගත් ශිෂ්‍යයින්ගේ වෛද්‍ය උපාධිය ලියාපදිංචි කිරිම සදහා පවත්වනු ලබන E.R.P.M විභාගය කල්දැමීම.

    05. වෛද්‍ය සභාවේ විෂය පරිපථයට හා පවතින නීති වලට පරිභාහිරව වෛද්‍ය සභාව තුල පැමිණිලි විභාග කිරීම සිදුවන බව.

     

    ඒ අනුව ඉහත කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය සභාව තුලින් කරුණු විමසා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සපයන ලෙස වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට තීරණය කරන ලද අතර ඉහත කරුණු පිළිබද අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් ලබාදිම සදහා පහත සදහන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරිමට තීරණය කරන ලදි.

     

    * විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා මහතා.

    * රාගම වෛද්‍ය පීඨයේ හිටපු පිඨාධිපති මහාචාර්ය ප්‍රෂාන්ත විඡේසිංහ මහතා

    * විශේෂඥ වෛද්‍ය අනුලා විඡේසුන්දර මහත්මිය

    * විශේෂඥ වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න මහතා

    * විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා

     

    ඒ අනුව වෛද්‍ය සභාවෙන් ලබාගන්නා වාර්තාව හා ඉහත සදහන් විශේඥ කමිටුව මගින් ලබාදෙනු ලබන වාර්තාවන් අධ්‍යයනය කර වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ප්‍රතිස්ථාපනය කර රෝගී අයිතිවාසිකම් සුරකමින් ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සැකසිම සිදු කරනු ඇත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya