මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    දේශිය අත්යන්ත්‍ර නිෂ්පාදකයින්,බතික් කර්මාන්තයේ නියැළි සිටින්නන් හා දේශිය වශයෙන් නිමි ඇඳුම් නිෂ්පාදකයින්ගේ දත්ත රැස් කරයි

    සැප්තැම්බර් 16, 2020

    ශ්‍රී ලංකාවේ දේශිය අත්යන්ත්‍ර නිෂ්පාදකයින්,බතික් කර්මාන්තයේ නියැළි සිටින්නන් හා දේශිය වශයෙන් නිමි ඇඳුම් නිෂ්පාදකයින්ගේ දත්ත එක් රැස් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවත් ඊට තොරතුරු ලබා දෙන ලෙසත් බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශිය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කර සිටියි.

    බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශිය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර ඉදිරි අනාගතයේ දී මෙම දේශිය නිෂ්පදකයින් සඳහා වාශාල වැඩකොටසක් කිරිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව රාජ්‍ය ඇමතිවරයා පවසයි.

    විශේෂයෙන් ඔවුන්ගේ නිෂ්පාදන පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත්,අනාගතයේ දී දේශිය අත්යන්ත්‍ර නිෂ්පාදකයින් මුහුණ දෙන දුෂ්කරතාවයන්ට අමාත්‍යාංශය මැදිහත් වී විසඳුම් ලබා දීමට ද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි..

    ඒ සඳහා එහි නියැළි සිටින්නගේ තොරතුරු අවශ්‍ය බවත්,එය ඉතා ඉක්මනින් බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශිය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන ලෙසත් ඇමතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya