මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ගුණ සැමරුමට අගමැති එක්වෙයි

    සැප්තැම්බර් 16, 2020

    සිංහල බොදු සමාජ ආරය රැකීමට ශ්‍රේෂ්ඨ විප්ලවයක නියැලුණු අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ 156 වන ගුණානුස්මරණය වෙනුවෙන්, කොළඹ 10, මහා බෝධි අග්‍ර ශ්‍රාවක මහා විහාරයේ පැවති දානමය පිංකම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (16) දින එක්විය.

    ගරුතර මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ ආගමික වතාවත් සඳහා එක්වුණු ගරු අග්‍රාමාත්‍යතුමා, වැඩම කර සිටි භික්ෂූන් වහන්සේලාට අටපිරිකර පූජා කළේය.

    ජාතික චින්තන පුනරුදයක් ඇති කරළීමට විප්ලවීය ගමනක ආරම්භය සනිටුහන් කළ යුග පුරුෂයෙකු වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක් වූ අග්‍රාමාත්‍යතුමා සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබුවේය.
    ධාතූන් වහන්සේලාට තේවාව සපයන පිරිස් ඇගයීමක් වශයෙන්, අග්‍රාමාත්‍යතුමා අතින් ත්‍යාග ප්‍රදානය කිරීමක් හා ජපානයේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් විසින් ගරු අග්‍රාමාත්‍යතුමාට සමරු ත්‍යාගයක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.
    බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සිංහල බෞද්ධයා පුවත්පතේ, අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ඡන්ම දින සංවත්සර විශේෂ කලාපය, මෙහිදී අග්‍රාමාත්‍යතුමාට පිළිගැන් වූයේය.
    මෙම අවස්ථාව සඳහා මල්වතු මහා විහාර පාර්ශවයේ වැඩ බලන ලේඛකාධිකාරී පූජ්‍ය පහමුනේ සුමංගල නාහිමි, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහා නායක තිරිකුණාමලේ ආනන්ද නාහිමි, ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය මාතලේ ධම්මකුසල අනු නායක හිමි, ඇතුළු මහා සංඝ රත්නය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya