කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීම පරිදි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමග එක්ව මෙම වැඩසටහන මෙහෙයවයි.
පසුගියදා කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ, ඌවේ ජනතාව දැඩි සංවර්ධන අසාධාරණයකට ලක්වූ පිරිසක් බවත්, ඔවුන්ට සංවර්ධන සාධාරණය ඉටුකර දී ඌවේ දුෂ්කර ගම්මාන වල ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම තම අරමුණ බවය.
මේම ප්‍රදේශයේ ජනතාවට සිය කුඩා ඉඩම් වල තේ වගාව ඇරඹිමට ඇති ප්‍රධාන බාධකය ආර්ථික අපහසුතාවයන් බවත් ඔවුන්ට තේ පැල ලබා දීමට හැකි නම් ඔවුන්ගේ ජිවන තත්වය කෙටි කලක් තුළ යහපත් තත්වයකට ගෙන ආ හැකි බව අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේය. ඒ අනුව ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 14 ක පවුල් 243 කට සිය අක්කර කාල බැගින් වූ ඉඩම් වල නව තේ වගා ඇරඹීමට අවශ්‍ය පහසුකම් සැපයීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා මෙහිදී පැවසීය.
එහි දී මෙම වැඩසටහන යටතේ සිය ඉඩමේ වගා බිම සකස් කර ගැනීම ප්‍රතිලාභියාගේ වගකීමක් වේ. අවශ්‍ය තේ පැල ලබාදීම, පලදා ප්‍රවර්ධන උපදෙස්, වගාවට අදාල පුහුණු කටයුතු කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් සිදුකෙරේ. තේ වලට අමතරව එම ඉඩම් වල අතිරේක වගාවන් ලෙස පුවක්, ගම්මිරිස්, කෝපි, කොකෝවා, එනසාල්, කරාබු නැටි වැනි අපනයන බෝග වගාකිරීමට ද අවශ්‍ය දිරිගැන්වීම් සිය අමාත්‍යාංශය මගින් සිදුකිරීමට සූදානම් බව රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා මෙහි දී පැවසීය.මේ සඳහා එක් වගා ඒකකයක් සඳහා රුපියල් 60000 කට අසන්න අධාර මුදලක් ලබා දීමට අපේක්ෂිතය.
ඒ අනුව ලුණුගල මෙම වැඩසටහන සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 19 අසන්න මුදලක් වැය කිරිමට නියමිත අතර,මෙම තේවගා ව්‍යාපෘතිය තුලින් දළ වශයෙන් මාසයකට එක් පවුලකට
රුපියල් 20000 කට ආසන්න අදායමක් ලබා ගත හැකි බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඩී.එච්. මහීපාල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.මෙම ඉඩම් සහිත ගම්මාන වලට යාමට ඇති අති දුෂ්කර ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ද කිසියම් වැඩපිලිවෙලක් යොදන ලෙස ද අමාත්‍යවරයා මෙහි දී විශේෂ ඉල්ලීමක් කළේය.
මෙම අවස්ථාවට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඩී.එච්. මහීපාල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සී.ජේ.අයි.ටී. ප්‍රනාන්දු ඇතුළු නිලධාරී පිරිසක් එක්වූහ.