අමාත්‍යවරයා මේ බව පැවසුවේ, (15)දින පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ශ්‍රී ලංකාවේ දේශීය ඖෂධ අවශ්‍යතාවය සපුරාලීමට ඖෂධීය ශාක වගාව , ව්‍යාප්තිය හා සංරක්ෂණය සදහා ප්‍රජාව මෙහෙයවීමේ සුවධරණී ජාතික වැඩසටහන වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
පසුගිය වකවානුව තුළ අප රටෙහි වැවෙන දේශීය ඖෂධ ශාක සහ පැළෑටි වර්ග රැසක් අධික වියදමක් දරමින් පිටරටින් ආනයනය කර ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙවැනි අප රටේ වැවෙන සහ නිපදවිය හැකි ඖෂධීය වටිනාකමක් ඇති දේශීය ශාක සහ පැළෑටි මෙරට නිපදවීම තුළින් පිටරට වෙත අනවශ්‍ය පරිදි ඇදී යන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරට ඉතිරි කරගත හැකි බවයි.
හෙට දින එනම් සැප්තැම්බර් 17 වන දින අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්ම දිනයත් යෙදෙන බැවින් එවන් සුවිශේෂී දිනක එම උත්සවය පවත්වන අවස්ථාවේදීම ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් මෙම ඔසු පැල සංරක්ෂණ සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹීමට අදහස් කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.
එළඹෙන 19 වනදා අනුරාධපුර රුවන්වැලි මහා සෑය ඉදිරියේදී දේශීය ඖෂධ පූජාවක් සිදුකර ඉන්පසු එම අනුරාධපුර පූජා භූමියේ ස්ථාන කිහිපයක මෙම ඔසුපැල වගා කිරීමේ වැඩසටහන එනම් ඔසු ගම්මාන බිහි කිරීමේ වැඩසටහන ඇරඹීමට නියමිතව ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය. ඉන් පසු මැදවච්චිය වැනි ප්‍රදේශ ආශ්‍රිතව දිවයින පුරා විවිධ ස්ථාන වල ඇති විශාල ඔසු උයන් ආශ්‍රිතව එදින හවස්වරුවේ සහ 20 වන දිනත් මෙම ව්‍යාපෘතිය දීර්ඝකාලීන වශයෙන් සිදුකිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසුවේය.
17 වනදා සිදුකිරීමට අපේක්ෂිත මෙම පුණ්‍ය කර්මයට සියල්ලන්ම එක්වෙමින් දිවයිනේ පාසල්, පන්සල්, නිවෙස්, කාර්යාල ආදී සෑම ස්ථානයකම සියලුදෙනා ඔසුපැලයක් සිටුවීමෙන් මෙම කර්තව්‍යයට සහය දක්වන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.