දමිළ භාසාවෙන් කථා කළ හැකි ගොවියාගේ දුක හදුනාගත් අමාත්‍යවරයෙකු දුක සැප සොයාබැලීමට පැමිණීම පිළිබදව උතුරේ ජනතාව මහත් උද්දාමයට පත්විය. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී යාපනය දිස්ත්‍රික් ගොවි සමිති හමුවූ අමාත්‍යවරයා ඔවුන් මුහුණදෙන ගැටලු සහ අවශ්‍යතා විමසූ අතර, ඒ සදහා එම මොහොතේදීම විසදුම් ලබාදෙන්නට ක්‍රියා කළේය. කෘෂිකර්ම අමාත්‍යංශයට අනුබද්ධ සියලුම ආයතන වල ඉහළ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී කරගත් අමාත්‍යවරයා ගොවි ප්‍රශ්න සෘජුවම ඔවුන්ට යොමු කිරීමටද අවස්ථාව ලබාදුනි.
තිස් වසරක යුද්ධය නිසා වැන්දබු වූ කාන්තාවන්ට සහ ආබාධිත තත්ත්වයට පත්වූ අයට කෘෂිකර්ම අමාත්‍යංහයෙන් සහන රැසක් ලබාදෙමින් “සිතමු” ගොවි සමිති හරහා ඔවුන්ගේ ආර්ථිකය නැංවීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.
උතුරත් දකුණත් යා කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම වැඩසටහන පිළිබදව උතුරේ ජනතාව ඉමහත් ප්‍රශංසනාත්මකව කථා කළේය.
මෙම අවස්ථාව සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, මොහාන් ද සිල්වා, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ සුරේෂ් රාඝවම් යන මහත්වරුන්ද, උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය මෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශයට අනුබද්ධිත ආයතන වල සියලුම ඉහළ නිලධාරීන්ද සහභාගී විය.