එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45 වන සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය දැඩි ලෙස විවේචනය කරන ලද ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍ය ආයතන වල ප්‍රධාන තනතුරු සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශනයකට පිළිතුරු ලබා දෙමින් අද (17) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ බව කියා සිටියේය.
එහෙත්, මානව හිමිකම් කොමිසම පවසන සියල්ල සත්‍යයයි යන්න පිළිනොගන්නා මතයේ ශ්‍රී ලංකාව සිටින බවත් පවසා සිටී රඹුක්වැල්ල මහතා, ඔවුන් කෙසේ කුමනාකාරයෙන් කුමන දේ පැවසුවත් මෙරට තුළ සිදු කර ඇති සාධනීය කටයුතු හා මානුෂිය මෙහෙයුමත් සමඟ ඇති වූ ගැටළු හා අතුරුදහන් වුවන්ගේ ගැටළු ආදී සියලු ගැටළු 2015 ගෙන ආ රාජ්‍ය නොවන සංවිධාන විසින් ගෙන ආ න්‍යාය
පත්‍රයේ කොටසක් බවට අවධාරණය කළ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සහ ඔවුන් පවසන දේ පිළිබඳව සම්පුර්ණයෙන්ම පිළිගන්නා තැනක මේ රට පසු වන්නේ නැති බවත් අවධාරණය කරමින් කියා සිටියේය.
එමෙන්ම, ලංකා රජය විසින් රාජ්‍ය ආයතන වල ප්‍රධාන තනතුරු සඳහා කිසිඳු සාධනීය චෝදනාවන් නොමැති ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් පත් කිරීම් සිදු කර ඇති බවත් එල්ල කරන ලද චෝදනා සියල්ල අසත්‍ය චෝදනාවන බවත්, එකී නිළධාරීන් හට කිසිඳු සාධනීය චෝදනා කිසිවක් එල්ල වී නොමැති බවත් බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රි ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉතාමත් පැහැදිළි පිළිතුරක් ලබා දී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ද මෙහි දී වැඩිදුරටත් කරුණු පැහැදිළි කරමින් කියා සිටියේය.