මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    සේවයේ යෙදවිය හැකි අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමීමට නීති සංශෝධනය කෙරේ

    සැප්තැම්බර් 17, 2020

    සේවකයින් සේවයේ යෙදවිය හැකි අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමීමට අදාළ කම්කරු නීතිය සංශෝධනය කෙරේ.

    ඒ අනුව අනිවාර්ය පාසල් අධ්‍යාපන වයස අවුරුදු 16 වශයෙන් වන නීතීමය විධිවිධානයන්ට අනුකූල වන පරිදි සේවකයින් සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට
    හැකිවන අයුරින් අදාළ කම්කරු නීතිය සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.

    එසේම මෙයට අදාලව 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත, 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත, අවම වේතන ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වූ පනත, 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥාපනත සහ 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල පනතේ ප්‍රකාශයට පත් කරන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු අමාත්‍වරයාය විසින් ඉදිරිපත් කළ යෝජනාව ද මෙහිදී සම්මත විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya