මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    19 වැනි සංශෝධනය තුළ පැවති සාධනීය ලක්ෂණ ඉවත් වන්නේ නෑ- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    සැප්තැම්බර් 17, 2020

    19 වැනි සංශෝධනය තුළ පැවති සාධනීය ලක්ෂණ කිසි ලෙසකින් ඉවත් නොකරන බව සම කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    අද(17) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ජනමාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවසීය

    ඒ අනුව 19 වැනි සංශෝධනයෙන් ගෙන ආ ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 05ක් බවට පත් කිරීමේ වගන්තිය, ජනාධිපති ධුරය දෙවරක් පමණක් දැරීමේ සිමාව සම්බන්ධ යෝජනා, තොරතුරු දැනගැනීමේ පනත, විගණන කොමිෂන් සභා සහ ප්‍රසම්පාදන කොමිෂන් සභා වැනි යෝජනාවලට කිසිඳු හානියක් නොකරන බවත් 19 හරහා පැවති ගුණාත්මක නොවන මෙන්ම රටට හානිකර යෝජනා පමණක් වෙනස් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    එමෙන්ම ස්වාධීන කොමිෂන් සභාවලට කිසිඳු හානියක් නොකරන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු කිරීම වෙනුවෙන් එම කොමිෂන් සභා වැනි දේ වඩාත් සාර්ථකව කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සොයාබලන බවත්, 20 වැනි සංශෝධනය හරහා වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදිව කටයුතු කිරීමට සූදානම් බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    එමෙන්ම හැකි ඉක්මනින් රටට ගැලපෙන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය කටයුතු කරන බවද රඹුක්වැල්ල මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya