මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ආනයන විධිමත් කිරීම - ආනයන හා අපනයන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරි පත් කෙරේ

    සැප්තැම්බර් 17, 2020

    කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් විදේශ විනිමය අනුපාතිකයට ඇති වූ පීඩනය අවම කිරීමේ අරමුණින් ආනයන විධිමත් කිරීම සහ ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 2020-04-01 දින පැවැති රැස්වීමේදී අනුමත කරන ලදී.

    ඒ අනුව, "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම හා පුනර්ජීවනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් තීරු බදු නිර්ණය කිරීමේ කමිටුව පත් කරන ලද අතර එම කමිටුවේ නිර්දේශ පරිදි අන්තර්කාලීන පියවරක් වශයෙන් ආනයන විධිමත් කිරීම සඳහා ආනයනික භාණ්ඩ, කාණ්ඩ 03කට වර්ගීකරණය කර පහත සඳහන් පරිදි කටයුතු කරන ලදී.

    * දේශීයව වගා කළ හැකි හෝ නිෂ්පාදනය කළ හැකි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ, වෙළඳ භාණ්ඩ සහ මෝටර් වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීම.

    * සැපයුම්කරුවන් විසින් ලබා දෙන ලද ණය පහසුකම මත හෝ විදේශ විනිමය වැය නොවන පදනම මත තෝරාගත් භාණ්ඩ ආනයනය සඳහා අවසර ලබා දීම.

    * දේශීය කර්මාන්ත, කෘෂිකර්මාන්තය, අපනයන සැකසුම් සහ දේශීය පරිභෝජනය සඳහා අවශ්‍ය තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමඒ අනුව, ඉහත සඳහන් පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් නිකුත් කරන ලද අති විශෙෂ ගැසට් නිවේදන හතරක් (04) පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya