අමාත්‍යතුමිය මේ බව පැවසුවේ අද දින (17) ''සුවධරණී හෙළ ඔසු සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතියෙහි'' සමාරම්භක උත්සවයට එක්වෙමිනි.
එම උත්සවය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන්, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නාවින්න, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාතික ආයතන පරිශ්‍රයේදී පැවති අතර ඒ සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය, වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාද සහභාගී විය.
ප්‍රථමයෙන් චාරිත්‍රානුකූලව අමාත්‍යවරුන් විසින් ජාතික ධජය ඔසවමින් උත්සවය ඇරඹි අතර, ඉන්පසු ඔවුන් විසින් උද්‍යාන පරිශ්‍රයේ ඔසුපැළ රෝපණය සිදු කළහ. අනතුරුව පොල්තෙල් පහන් දල්වා පිළිගැනීමේ කතාව දේශීය වෛද්‍ය අමාත්‍යංශයෙහි ලේකම් කුමාරි වීරසේකර මහත්මිය විසින් සිදුකළේය. මෙරට නිපදවිය හැකි සියලු දේ රට තුළම නිපදවන ලෙස හඩ නැගූ නායකයෙකු වශයෙන් අනගාරික ධර්මපාලතුමා සැලකෙන බවත්, එවන් නායකයෙකුගේ ජන්ම දිනයේදී මෙවන් අගනා කර්තව්‍යයකට සමාරම්භය ගැනීම එනම් රට තුළ නිපදවිය හැකි දේශීය ඖෂධ රට තුළ නිපදවීම සදහා ක්‍රියා කිරීම පිළිබදව සිසිර ජයකොඩි අමාට්‍ය්හ්‍යවරයාට ප්‍රශංසා කිරීමට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමතක නොකළේය.
මීගොඩ ආයුර්වේද රෝහලේ ඇති ඉඩකඩ යොදාගනිමින් ස්නායු සම්බන්ධව ආයුර්වේද පංචකර්ම වෛද්‍ය ක්‍රමය සදහා වැඩපිළිවෙලක් සකස් කිරීම සදහා තමා විසින් යෝජනාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා පැවසුවේය. සිසිර ජයකොඩි මහතා පැවසුවේ මිලියන 1000 කට ආසන්න මෙරට වගා කළ හැකි ඖෂධ වෙනත් රටවලින් ආනයනය කරන බැවින් මෙරට නිපදවිය හැකි
නමුත් පිටරටවලින් ගෙන්වන සියලු ඖෂධ ශාක පැළෑටි වලින් සියයට පනහක් ඉදිරි තෙවසර තුළ මෙරට තුළම නිපදවීමට කටයුතු කරන බවයි.
ඔසු උයන් විධිමත් කිරීමට, ඒවායෙහි කළමනාකරණය විවිධමත් කිරීමට ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන පංචකර්ම චිකිත්සක මධඨස්ථාන පිහිටුවීමටත් ඒවායෙහි ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කිරීමටත්, අලුත් විදියට සිතමින් අපේ රටේ පාරම්පරික හෙළ වෙදකම රටේ සිංහල ලකුණ සහ රටේ අනන්‍යතාව විදහාපාන දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය නගාසිටුවීමටත් පියවර රැසක් ගැනීමට බලාපොරොත්තු වන බවත් සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් පැවසුවේය. අප රටේ මිනිසුන් ආණ්ඩුවක් හැදුවේ බලාපොරොත්තු රැසක් තබාගෙන බවත්, ආයුර්වේද අංශයට සිසිර ජයකොඩි අමාත්‍යතුමන් ලබාදෙන නායකත්වය මෙන්ම දැඩි උනන්දුවකින් හා නිර්මාණශීලීත්වයකින් ඔහු සිදුකරන මෙහෙවර අගය කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේය.
සුවධරණී වැඩපිළිවෙල තුළින් අප රටට විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකිවීමත්, ආයුර්වේදයට පිටරටින් ගෙනෙන ද්‍රව්‍ය මෙරට නිපදවා ගැනීම ජාතියට කරන විශාල යුතුකමක් වශයෙන් අමාත්‍යවරිය පැවසුවාය.
අවුරුදු 44කට පසු ලංකාවේ ආනයන සහ අපනයන සමාන වූ බවත්, මෙතෙක් එම පරතරය රුපියල් බිලියන 11ක් පැවති බවත් පැවසූ අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ අපේ රට ආර්ථික වශයෙන් මහා නැගීමකට ඉදිරියේදී යාමට අපේක්ෂිත බවයි.
සෞඛ්‍ය අමාත්‍යවරිය සිය කතාව අවසන් කළේ අපේ දේ රට තුළට මෙන්ම ලෝකයටත් රැගෙනයන ලෙසත්, අපේ දේ අගයන සංස්කෘතියක් බිහිකරමු යන පාඨය සැමට සිහි කරමිනි..