මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ගුණාත්මක භාවයෙන් යුතු අධ්‍යාපනයක් ලබා ගනිමින් තෘප්තිමත් ජීවිතයක් ගතකිරීම සෑම පුරවැසියෙකුගේම අයිතියක් - අධ්‍යාපන අමාත්‍ය

    සැප්තැම්බර් 17, 2020

    ගුණාත්මක භාවයෙන් යුතු අධ්‍යාපනයක් ලබා ගනිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම සෑම පුරවැසියෙකුගේම අයිතියකි. එම අයිතිය ප්‍රායෝගිකව භුක්ති විඳීමට අවස්ථාවක් ලබා දෙමින්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සියළු දරුවන්ට අධ්‍යාපනය ලබා දීම රජයේ යුතුකම බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා  පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් නොයන ගිනිගත්හේන ප්‍රාථමික විදුහලේ එකම පවුලේ දරුවන් තිදෙනා අධ්‍යාපන අමාත්‍යවරයා හමුවීම සඳහා අද(17) දින  අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේදීයි.

     

    ආර්ථික දුෂ්කරතා හමුවේ ගිනිගත්හේන බෝගලකන්ද ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි නිරෝෂ ප්‍රියංගනී යන දෘෂ්‍යාබාධයකින් පෙළෙන මවගේ දරුවන් තිදෙනා පාසල් යැවීමට හෝ නොහැකි  තරම් අසරණ තත්වයට පත් ව ඇතැයි පසුගියදා මාධ්‍ය ඔස්සේ වාර්තා වූ අතර මේ පිළිබඳව දැනගත් අධ්‍යාපන අමාත්‍යවරයා ඒ සඳහා මැදිහත් වී ඇත. මේ වන විට එම පවුලේ ආර්ථිකය නගා  සිටුවීම සඳහා දීර්ගකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ ඔස්සේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් ජීවිතයේ ඉදිරියට යාමට අවස්ථාව ඔවුන්ට ලබා දී ඇතැයි  අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. ලංකා බැංකුව සමග එක්ව ස්ථිරසාර පදනමක් ඔස්සේ ඔවුන්ගේ අනාගතය සකස් කර ගැනීමේ අවස්ථාව දරුවන් තිදෙනාට ලබා දී තිබේ. තවද එම දරුවන්ට  ඉදිරියේදී යම් ගැටළුවක් වේ නම් ඒ සඳහාද අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    මානව හිමිකම් ගැන කතාකරන බටහිර ලෝකය සමග සංසන්දය කළ විට අප සංවේදී ජාතියක් බවත් මානව හිමිකම් හා සානුකම්පිත සමාජයක් සඳහා විදේශයන්ගේ උපදෙස් අපේ රටට අවශ්‍ය  නොවන බවද අවධාරණය කළ අමාත්‍යවරයා සුනාමි වැනි විපත් හමුවේ අනෙකා වෙනුවෙන් යුතුකම් ඉටුකළ ජාතියක් බවයි. මේ පිළිබඳව මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග ක්ෂණික ප්‍රතාචාර  ලැබුණු බව සඳහන් කළ අමාත්‍යවරයා දේශීය මෙන්ම විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් පවා එම දරුවන් පිළිබඳව විමසූ බවයි.

     

    මාධ්‍ය හරහා මෙම සිද්ධිය රටට අනාවරණය වූ බවත් ඉදිරියටත් තමන්ගේ කාචය, සහ පෑන නිවැරදිව හසුරන ලෙස මාධ්‍ය වේදීන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙම අවස්ථාවට එක් වූ වනජීවී  අමාත්‍ය සී.බී රත්නායක මහතා පැවසීය .අද වන විට පරිසරය විෂය යටතේ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට ඇතැම් මාධ්‍ය කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා නව රජයේ දැක්ම  ක්‍රියාත්මක කිරීම අරඹන මොහොතේම ඇතැම් පුද්ගලයින් පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කරන බවද පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට එක් වූ ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා සඳහන් කළේ මෙම දරුවන්ට අධාර ලබා දීමට කැමති අයෙක් වෙතොත් පහත බැංකු ගිණුම් වලට  එම අධාර මුදල් බැර කළ හැකිය.

    නිහාර සේව්වන්දි 302- 2-001-30026334

    ජයනි කෞෂල්‍යා302-2-001-0-0026335

    සඳරුවන් කුමාර 302-2-001-8-0026336

     

    අධ්‍යාපන අමාත්‍යවරයාගේ පෞද්ගලික මිතුරෙකු වූ ධානපති එම් බී ද සිල්වා මහතා විසින් මෙම දරුවන් තිදෙනාට පෞද්ගලිකව මුදල් පරිත්‍යාග කිරීම ද සිදු විය. මෙම අවස්ථාවට අමාත්‍යංශ  ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya