මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ස්වාමීන් වහන්සේලා සදහා අවශ්‍ය කරන සිවුරු ආනයනය වෙනුවට දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට සුදානම්

    සැප්තැම්බර් 18, 2020

    මෙරට වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා 40,000කට අධික පිරිසක් වෙනුවෙන් අවශ්‍ය කරන නියමාකර ප්‍රමිතියෙන් යුතු සිවුරු, වසරකට ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඒ අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන්නේ ආනයනික සිවුරු වලින් බවත් (17) කර්මාන්ත අමාත්‍යංශයේ පැවති සාකච්ච්ජාවක දීඅනාවරණය විය.

    ඒ අනුව එම දේශීය සිවුරු අවශ්‍යතාව සපුරාලීමට අප රට තුළදීම සිවුරු නිර්මාණය කිරීමට ඇති හැකියාව පිළිබදව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා දැනුවත් කරමින් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය පිණිස පැමිණි කෝට්ටේ පාර්ශවයේ අනුනායක පුජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ ඒ පිළිබද දීර්ඝ පැහැදිලි කිරීමක් කරන ලදි.

    මිට දශක ගණනාවකට පෙර මෙරට ස්වාමින් වහන්සේලාට අවශ්‍ය ප්‍රමිතියෙන්ය යුතු සිවුරු රාජ්‍ය ආයතනයක් වන ලංකා සළුසල ආයතනය විසින් නිර්මාණය කළ බවත්, පසුකාලිනව දේශීය සිවුරු නිෂ්පාදනය ඉතා අවම මට්ටමකට වැටීම නිසා තායිලන්තය වැනි රටවලින් මෙරටට සිවුරු වැඩි වශයෙන් ගෙන ආ බවත් අනුනායක හිමියෝ පැවසූහ . තවද තායිලන්තය, මියන්මාරය, ලාඕසය වැනි රටවල ස්වාමින්වහන්සේලාට ඔවුන්ගේ රට තුළ නිපදවන ඔවුන්ටම අනන්‍යවූ සිවුරු ඇති බවත් ලංකාවේ ස්වාමින් වහන්සේලාට එවැනි අනන්‍යතාවයක් නිර්මාණය කර ගැනීම කළයුතු බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ කරුණු පැහැදිලි කළේය. ඒ අනුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව දේශීය නිර්මාණකරුවන් ලවා ඉදිරියේදී සිවුරු නිපදවීමට අවශ්‍ය පසුබිම සකසාගැනීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යවරයා හමුවීමට පැමිණි බව උන් වහන්සේ වැඩි දුරටත් පැවසිය.

    සියලු කරුණු පිළිබද සලකා බැලීමෙන් පසු කර්මාන්ත අමාත්‍යවරයා පැමිණි සිටි නිලධාරින් හමුවේ කියා සිටියේ හැකි ඉක්මනින් ඒ සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසය. ඒ අනුව නිසි ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය යොදා ගනිමින් සිවුරු නිෂ්පාදනයට අවශ්‍ය අධ්‍යනයන් සිදුකරන ලෙස මෙම සාකච්ජාවට පැමිණ සිටි ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇගළුම් අභ්‍යාස ආයතනයේ නිලධාරීන්ට ඇමතිවරයා උපදෙස් ලබාදෙන ලදි, ඔවුන් විසින් නිපදවන රෙදි යොදාගනිමින් ප්‍රමිතියෙන් යුතු සිවුරු නිර්මාණය කිරීම සහ ඒවා දේශීයව විකිණීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස ලංකා සළුසල ආයතනයේ සභාපතිවරයාට ඇමතිවරයා විසින් උපදෙස් ලබාදෙන ලදි.

    මෙම අවස්ථාවට අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරචි, රෙදිපිළි හා ඇගළුම් අභ්‍යාස ආයතනයේ නිලධාරිහු , පළාත් කෘෂිකර්ම නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya