යතුරු පැදි 807 ක් එදින බෙදාදීමට නියමිත අතර ඒ සියලු යතුරුපැදි හිමිවන නිලධාරීන් නියෝජනය කරමින් කැඳවන කණ්ඩායමකට යතුරු පැදි ප්‍රදානය කිරීම නිල වශයෙන් සිදු කරනු ඇත. අදාල නිලධාරීන්ට සහභාගීවීමට පුද්ගලිකව දන්වනු ඇත.
අද (18) පෙරවරු 10.30ට කොළඹ, ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී, ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් යතුරු පැදි ප්‍රදානය කරන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ අමාත්‍යාංශ නිලධාරීන්ද එක්වීමට නියමිතය.
මෑත කාලයේ, නිලධාරීන්ගෙන් කිසිදු අයකිරීමක් නොකොට එකවර ප්‍රදානය කරන යතුරුපැදි විශාලතම තොගයද මෙය වනු ඇත.