ඉන් අනතුරුව එය කඩකරන රියැදුරන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ රුපියල් 2000 දඩයක් හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේය.ඒ අනුව තනි ඉර කපා වාහන ඉස්සර කිරීම, ද්විත්ව ඉරි කපා වාහන හැරවීම ඇතුළු මංතීරු නීතියට අයත් වැරදි 14 කට එරෙහිව රුපියල් 2000 ක දඩයක් ලබන සඳුදා සිට පැනවේ.
බස්, ත්‍රිරෝද රථ හා යතුරු පැදි ද අදාළ මංතීරුවේ ධාවනය කකළයුතු වන අතර ඩ්‍රෝන කැමරා සහ සීසීටීවී දර්ශන මඟින් රථවාහන ගමනාගමනය නිරීක්ෂණය කිරීමට නියමිත ය.
සතියේ දින වල පෙරවරු 6ත් 9 ත් අතර සහ පස්වරු 4 සිට 7 දක්වාත් අතර කාලය තුළ මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙයි.