හෙක්ටර් කොබ්බෑකඩුව සංසදය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කළ මෙම අවස්ථාව සඳහා එක්වුණු අග්‍රාමාත්‍යතුමා හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීය.
මෙහිදී හෙක්ටර් කොබ්බෑකඩුව සංසදය විසින් අග්‍රාමාත්‍යතුමාට සමරු තිළිණයක් හා ග්‍රන්ථයක් පිළිගැන්වීය.
මෙම අවස්ථාව සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂේන්ද්‍ර රාජපක්ෂ, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ හා හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන් හා සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.