විශේෂයෙන් අද (18 ) සිට දින කිහිපයක් දක්වා මෙම වැසි තත්ත්වය පැවතීමේ හැකියාවක් පවතින බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මීගමුව දක්වා මුහුදු ප්‍රදේශයන් හා මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශයන්හි පැයට කි.මී. 60-70 දක්වා වූ තද සුළං සහිත තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් පවතින අතර ගැඹුරු මුහුදු ප්‍රදේශයන්හි මෙම තත්ත්වය තවදුරටත් අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ඒ මහතා කීය.
මධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයන්හි ගැඹුරු මුහුදෙහි යාත්‍රා කරන බහුදින යාත්‍රා මෙම මස 19 වනදා සිට 21 වනදා දක්වා ධීවර කටයුතුවලින් වැළකෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලුම ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම මේ වන විටත් මෙම මුහුදු ප්‍රදේශයන්හි යාත්‍රා කරන බහුදින යාත්‍රා ගොඩබිම වෙත යාත්‍රා කරන ලෙස ධීවර අංශ දැනුවත් කර ඇති බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම තත්ත්වය පිළිබඳව නාවික අංශය ඇතුළු සියලුම ත්‍රිවිධ හමුදා ඒකකයන්, පොලිසිය සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක දැනුවත් කර ඇත. 117 දුරකථන අංකය හරහා ජනතාව හට පැය 24 පුරාවටම භාෂා ත්‍රිත්වයෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.
මෙහිදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදෙන නිවේදනයන් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.