සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට නව නිපැයුම්කරුවන්ට ලබාදුන් අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් මෙම නිර්මාණය කර තිබිණි.හදවතට නැවත පණ දීමට කෙරෙන ප්‍රතිකාරයක් ලෙස සී.පී.ආර්. (CPR) ලබාදීම සඳහා යාන්ත්‍රික ක්‍රමයක් මේ ඔස්සේ හඳුන්වා දෙනු ලැබේ.
වෛද්‍ය සිසුවා කළ මෙම නව නිර්මාණකරණයට මේ වන විට නව නිපැයුම්කරුවන්ගේ සංගම, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අවසරය ද ලැබී තිබේ.
මෙම යන්ත්‍රය අනාගතයේ දී මෙරට රෝහල්වලට හඳුන්වාදීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු කළේය.
මෙම අවස්ථාවට කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහචාර්ය වජිර දිසානායක, මහාචාර්ය ජෝශප් ඇන්තනී, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ෂෙනාල් ප්‍රනාන්දු, සහකාර
ලේකම් නවීන් ද සොයිසා මහත්වරු එක්ව සිටියහ.