කොළඹ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි ප්‍රදානය කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය,සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච්.මුණසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විශේෂ සාකච්ජාවක නිරතවිය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු සහ මෙරට නිවාරණ හා ප්‍රතිකාර යන දෙඅංශයේම සෞඛ්‍ය සේවා පිළිබදව එහිදී සාකච්ජා විය.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ වැඩකටයුතු පිළිබඳව එහි අධ්‍යක්ෂ ,වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාගෙන් දීර්ඝව කරුණු විමසූ ජනපති ප්‍රකාශ කලේ එම ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය හා මැනවින් ගැළපෙන බවයි.
සේවාව අවශ්‍ය ජනතාව සොයා ඔවුන් වෙතටම ගොස් සේවය සැලසීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය සමග ගොඩනැගෙන ප්‍රතිකාර හා නිවාරණ සෞඛ්‍ය සේවා පද්ධතිය සක්‍රීයව ක්‍රියාත්මක වීම ජනපතිගේ නොමද පැසසුමට ලක්විය.ව්‍යාපෘතියේ කටයුතු හා ප්‍රගතිය අන්තර්ජාලය ඔස්සේ යාවත්කාලීන වන පද්ධතියක් මගින් වරින් වර ජනපතිගේ සමීප අධීක්ෂණයට ලක් කළ හැකි වන ක්‍රමයක් නුදුරු දිනකදී සකස් කෙරෙන බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය