ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා චීන රජය විසින් දෙනු ලබන සහයෝගය පිළිබදව එහිදි අදහස් හුවමාරු විය.
විශේෂයෙන් මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය සදහා චීන රජය විසින් ලබා දෙනු ලබන සහයෝගය පිළිබදව සාකච්ඡා කළ අතර එම සහාය ඉදිරියේදීත් ලබා දෙන බව චීන නියෝජිත පිරිස එහිදී සදහන් කළේය.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා චීන රජය ලබා දෙනු ලබන සහයෝගය අගය කරන බවත් විශේෂයෙන් අධිකරණ පද්ධතියේ යටිතළ පහසුකම් වැඩි දියුණු කිරීමට ලබා දී ඇති සහ ලබා දෙන සහයෝගය ප්‍රශංසනීය බවත් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
අධිකරණ ගොඩනැගිළි වල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා එම ගොඩනැගිලි මේ වන විට අබලන් තත්වයට පත්ව තිබීමට විසදුම් වශයෙන් ඉදි කිරීමට නියමිත අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීම පිළිබදව මෙහිදි සාකච්ඡා විය.
අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ඇතුළු නිලධාරීන් ද මෙම අවස්ථාවට එක් විය.