මෙරට සංක්‍රමණික ගැටළු පිළිබදව හා ඒ සම්බන්ධයෙන් පවතින නිතිමය කරුණු පිලිබදව මෙහිදි සාකච්ඡා විය.
නීති විරෝධීව සිදු වන මිනිස් ජාවාරම වැළැක්වීමට ගත යුතු පියවර හා ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්වයන්, මිනිස් ජාවාරම හේතුවෙන් ඇතිව තිබෙන අහිතකර ප්‍රතිවිපාක පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
නීති විරෝධිව සිදු වන මිනිස් ජාවාරම වැළැක්වීමට ශ්‍රී ලංකා රජය උපරිම වශයෙන් කටයුතු කරන බව අධිකරණ අමාත්‍යවරයා මෙහිදි සදහන් කළේය.
සංක්‍රමණය සදහා වු ජාත්‍යන්තර සංවිධානයේ සහාය ශ්‍රී ලංකා රජයට උපරිම වශයෙන් ලබාදීමට පියවර ගන්නා බව එහි ප්‍රධානී සරත් ඩෑස් මහතා පැවසීය. 1990 දී ශ්‍රී ලංකාව සංක්‍රමණය සදහා වු ජාත්‍යන්තර සංවිධානයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති අතර 2002 එම සංවිධානය මෙරට ස්ථාපිත කර තිබේ.