මෙම අවස්ථාවට රත්නපුර මැණික් හා හරිත සංගමයේ උප සභාපති චමින්ද මහතා, ඇහැලියගොඩ ලේකම්ඒ.නිහාල් රත්නසිරි මහතා, අනුශාසක ඩී.ඩී.කුමාරසිංහ යන මහත්වරු ඇතුළු සංගමයේ නියෝජිතයින්
පිරිසක් සහභාගි විය.
එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
''අපට රත්නපුර නගරය අපේ ඓතිහාසික උරුමයෙන් මැණික් පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් සැකසීමට ඉතාමත්ම යෝග්‍ය ස්ථානය දැනට මැණික් ව්‍යාපාරික කටයුතු කෙරෙන නගරයේ දෙමුවක ප්‍රදේශයට යාබදව තිබෙන මේ භූමි ප්‍රමාණයයි. මේ භූමි ප්‍රමාණය අද වෙන්කර ගනිමින් තිබෙනවා විශාල මහල් ගණනාවකින් යුත් මහා මැණික් ප්‍රාසාදයක් හදන්න. ඉංග්‍රීසියෙන් ''A Gem Tower'' මූලික අරමුණ ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශන පැවැත්වීම. ඒ සඳහා මේ මධ්‍යස්ථානය හැදෙන අතර අපේ අධිවේගී මාර්ගය අනිත් පැත්තෙන් හැදෙන අතර අපේ සංචාරක මණ්ඩලයේ වැඩ පිළිවෙළ හා භෞතික
සංවර්ධන වැඩපිළිවෙළ නගරයේ දියුණු කිරීමට තවත් පැත්තකින් ලැබෙන අතර සංචාරකයින් විශාල වශයෙන් රත්නපුරයට පැමිණීම අපේක්ෂා කරන අතර ලංකාවේ පමණක් නොවෙයි දකුණු ආසියාවේ ප්‍රධානම මැණික් ව්‍යාපාරික මධ්‍යස්ථානය හැටියට මේ රත්නපුරය පරිවර්තනයවීමේ නුදුරු සිහිනයක අප සියලු දෙනාම සිටිමින් කටයුතු කරගෙන යනවා. ඒ සඳහා වුවමනා කරන සැලසුම් හැදෙමින් තිබෙනවා,
පියවරයන් ගැනෙමින් තිබෙනවා. මේ දැනුත් මම ජනාධිපතිතුමත් එක්ක සම්බන්ධ වුණා. මේ කටයුතු ඉක්මන් කර ගන්න. නොවැම්බර් මාසයේ අධිවේගී මාර්ගයට මුල්ගල් තැබෙනවා. ඊට පෙර අපේ Gem Tower එක, ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානයේ මහා ගොඩනැගිල්ලටත් අපට මුල්ගල් තියාගන්න පුළුවන් වෙනවාය කියා මා විශ්වාස කරනවා.'' යනුවෙන් ප්‍රකාශ කළේය.