අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු (02) හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් දෙදෙනා (02) විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ. (රතු මුහුදු ප්‍රදේශයේ සිට පැමිණි මුහුදු ආරක්‍ෂකයෙකු (01) නිපුණ බුස්ස ශ්‍රී ලංකා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද අනෙක් පුද්ගලයා (01) ඇමරිකා එක්සත් රාජධානියේ සිට පැමිණ වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද මෙලෙස වාර්තා වෙනවා.)
අද (20) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 649 දෙනෙකු වේ. අද (20) දින උදෑසන EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් පනස් එක්දෙනෙකු (51), QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් හැත්තෑ අට දෙනෙකු (78) සහ UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් දෙදෙනෙකු (02) මෙරටට පැමිණ ඇත. එසේ පැමිණෙන පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.