මේ යටතේ දුම්රිය ස්ථාන වල තීන්ත ආලේපන කිරීම ,දුම්රිය සංඥා පුවරු පිලිසකර කිරීම,මාර්ග දෙපස පිරිසිදු කිරීම, ආදී කටයුතු රැසක් දුම්රිය සේවකයින් 800 පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ .
මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා,මෙම රජය බලයට පත්වූ දිනයේ සිට දින 90 ක් ඇතුලත කැළණිවැලි දුම්රිය මාර්ගය සඳහා අතිරේක දුම්රිය ධාවනය කිරීමට වැඩසටහනක් ආරම්භකර තිබෙන බව පැවසීය .
ඒ යටතේ කැළණි වැලි දුම්රිය මාර්ගය ඔස්සේ අගනුවර කාර්යාල සහ පාසල් සඳහා පැමිණෙන සිසුන්ට සහ අනෙකුත් මගීන්ට විශාල පහසුවක් සැලසීමට ද හැකිවනු ඇති බවත් කැළණිවැලි දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල මේ වනවිටත් ආරම්භ කර තිබෙන බව පැවසීය. විශේෂයෙන්ම දුම්රිය ප්‍රමාදයකින් තොරව නියමිත කාලසටහනකට අනුව ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තමා අදාල අංශ හා
බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බවත් පැවසීය.
කැළණිවැලි දුම්රිය මාර්ගය පිළිසකර කර නව දුම්රිය යෙදවීමෙන්, කොලඹ දක්වා වූ හයිලෙවල් මාර්ගයේ ඇති මාර්ග තදබදය අවම කිරීමට හැකිවන බව තමා විශ්වාස කරන බවද පෞද්ගලික වාහන මගින් හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ කොටුව දක්වා පැමිණෙන කාර්යාල සේවකයින් හා අනෙකුත් මගීන් නියමිත වේලාවට දුම්රිය ධාවනය කිරීම තුලින් දුම්රියෙන් ගමන්කිරීමට නැඹුරුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
තවද මාකුඹුරු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන වැනි ස්ථාන වලදී (PARK & DRIVE) තම පෞද්ගලික වාහන වලින් පැමිණෙන මගීන්ට තම වාහන ආරක්ෂිතව එම ස්ථානවල ගාල්කර කාර්යාල වලට හෝ තම අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අගනුවරට දුම්රියෙන් හෝ බස්රථයෙන් ගමන්කොට නැවතත් තම වාහනයෙන් නිවස බලා යාමට හැකිවන නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගීම සඳහා මේ වනවිටත් සාකච්ඡා ආරම්භ වී තිබෙන බවද පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් එන්.වී මොන්ටි රණතුංග අතිරේක ලේකම් ,එල්.එච් තිලකරත්න ,දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු ,ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද දුම්රිය සේවකයින් පිරිසක්ද සහභාගි විය.