මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    විදේශ රටවල රැකියා අහිමි වී සිටින ශ්‍රමිකයින්ට එම රටවලදීම නව රැකියා

    සැප්තැම්බර් 21, 2020

    කොව්ඩ් වසංගතය හේතුවෙන් මේ වන විට විවිධ රටවල රැකියා අහිමි වී සිටින ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියාවක් සිදුකිරිමට අවසන් අනුමැතිය ලබාදීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

     

    ඒ අනුව සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් චක්‍රලේඛනයක් මගින් මේ බව විදේශ රැකියා නියෝජිතයින් වෙත දන්වා තිබේ.

    කොවිඩ් වසංගතය හේතුවෙන් විදේශ රටවලදී රැකියා අහිමිව, රැකියා ගිවිසුම් කාලය අවසන්ව ලංකාවට නැවත පැමිණීමට නොහැකිව සිරවී සිටින ශ්‍රමිකයින්ට එම රටේ වෙනත් රැකියාවක් සිදුකිරීමට අවශ්‍ය විධිමත් අනුමැතිය ලබාදීමට පහසුකම් මෙමගින් සලසා තිබේ. මේ සඳහා අවශ්‍ය අනුමැතිය හා ආරක්ෂිත මුද්දරය ගමන් බලපත්‍රයට ලබාදීමේ කටයුතු, අදාල ශ්‍රමිකයා සිටින රටේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශය මගින් ලබාගත හැකිය. අවශ්‍ය ලියවිලි මෙරට සිටින රැකියා නියෝජිතයින් මගින් ශ්‍රමිකයා සේවය කිරීමට බලාපොරොත්තු වන ස්ථානයේ විදේශ නියෝජිතයින් වෙත යොමුකිරීමට කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ඉහත පහසුකම ලබාගත හැකිය. මෙරට විදේශ රැකියා නියෝජිතයින් හරහා අදාල රටේ රැකියා නියෝජිතයා වෙත අදාල ලියවිලි ලබාදීමට අවශ්‍ය පහසුකම්, මෙරට රැකියා නියෝජිතයාටද මෙමගින් ලැබේ.

    රැකියා නියෝජිතයා වෙත රැකියා ඇණවුම් ලබාදීමේ ක්‍රමවේදයේ කිසිඳු වෙනසක් මෙමගින් සිදුනොවන අතර, නව රැකියා සඳහා එරටදී ලියාපදිංචි වීමේදී, පවුල් පසුබිම් වාර්තාවද (ගෘහ සේවයට) අවශ්‍ය නොවේ. එසේම අවසන් අනුමැතීන් ලබාදීමේ අනෙකුත් සාමාන්‍ය නීතිරීතිවල කිසිඳු වෙනසක් මෙමගින් සිදුකර නැත.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya