ඉන්දියාවේ සිට සහ මැදපෙරදිග ඇතුළු විදේශියන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයින් 70 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුරේ සහ මුලතිවු යන කඳවුරු තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයන්හි දී නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කිරීමෙන් පසු (18) දින ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි.
මෙම නිරෝධායන මධ්‍යස්ථාන ද්වීත්වය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන්ගේ උපදෙස් මත සියළු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබන අතර පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ගෘප් කැප්ටන් අනුරුද්ධ විජේසිරිවර්ධන මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කරන ලදී