අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පසුගිය දා අමාත්‍ය මණ්ඩලයට ද ඉදිරිපත් කළ අතර එහිදී අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමිවිය. එමෙන් ම විසි වෙනි සංශෝධනය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට ද අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කරනු ලැබීය
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඕනෑම පුරවැසියෙකුට දින 7ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ අවස්ථාව හිමිවෙයි
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යවස්ථානුකූල භාවයට අභියෝග කිරීම මෙහි අරමුණයි. එලෙස අභියෝග නොකරන්නේ නම් විසි වන සංශෝධනය දින 7කට පසු පාර්ලිමේන්තුවේදී දෙවනවර කියවීමේ විවාදයට ගත හැකියි.
දෙවන වර කියවීමේ විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත. එහිදී විසිවන සංශෝධන පනත් කෙටුම්පත 2/3ක බහුතරයකින් සම්මත විය යුතුය. ඉන්පසු කාරක සභා අවස්ථාවේදී කෙටුම්පතේ සියලුම වගන්නි එකිනෙක සලකා බලන අතර ඕනෑම සංශෝධනයක් යෝජනා කිරීමට ද එහිදී අවස්ථාව ලැබේ. අනතුරුව තුන්වන වර කියවීමේ විවාදය අවසානයේ ද ඡන්ද විමසීම සිදු කරන අතර කතානායකවරයාගේ අත්සනින් අනතුරුව පනත් කෙටුම්පත පනතක් බවට පත් වෙයි.