මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් දැඩිව නීතීය ක්‍රියාත්මක කළ යුතුයි - මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු. ගමගේ

    සැප්තැම්බර් 22, 2020

    අනවසර මෙන්ම අවධානම් ගොඩනැගිලි හේතුවෙන් පවතින අවධානම් තත්වය සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කිරීම සදහා මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා විසින් විශේෂ රැස්වීමක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී (21) පැවැත්වීය.

    මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා), පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මහනුවර නගර සභාවේ නාගරික ඉංජිනේරු, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ, ආපදා කළමනාකරණ මහනුවර මධ්‍යස්ථාන අධ්‍යක්ෂ, භූ විද්‍යා හා පතල් කර්යාංශයේ ප්‍රාදේශිය කළමනාකරු, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ස්ථාන භාර නිලධාරී ඇතුළු මහත්ම මහත්මීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී මහනුවර නගරය තුල පවතින අවධානම් මෙන්ම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිදරව් විය.

    විශේෂයෙන් රජයේ පවතින නීතී රෙගුලාසි අනුගමනය නොකරමින් සහ උපක්‍රමශීලී ලෙස නගර තුල අනවසර ඉදිකිරීම් සිදු කරනු ලබන බවත්, ප්‍රමිතියෙන් බාල ඉදිකිරීම් සදහා කිසිසේත් උචිත නොවන ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතයෙන් දැඩි අවධානම් මට්ටමේ ඉදිකිරීම් වල ඇතැම් පිරිස් නිරත වී සිටින බව මෙහිදී අනාවරණය විය.

    මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, අනවසර මෙන්ම අවධානම් ‍මට්ටමේ පවතින ගොඩනැගිලි සදහා නීතීය දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පවතින බවයි. මෙහිදී වර්තමානයේ ඉදිකරමින් පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරන ලෙසත් නගරය තුල දැනට අවධානම් මට්ටමේ පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර එම ගොඩනැගිලි සම්බන්ධයෙන් නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දීම සිදුවිය.

    ආණ්ඩුකාර මහජන සම්බනධීකරණ නිලධාරී මධ්‍යම පළාත් සභා හිටපු මන්ත්‍රී එස්.බී.රත්නායක, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් මහී කිරිදිගොඩ, ආණ්ඩුකාර පෞද්ගලික සහකාර චන්ද්‍රා ඡාගොඩආරච්චි ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ද මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya