අද (22) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් දොලොස් දෙනා (12)
විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ. (එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි එක් පුද්ගලයෙකු (01) වැල්ලවත්ත නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (02) හොටෙල් ෆෙයාවේ සන්සෙට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් අට දෙනෙකු (08) ධම්මින්න හා පිටිපන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සහ සෞදි ආරාබියේ සිට පැමිණි එක් පුද්ගලයා (01) තංගල්ල සූරිය රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද මෙලෙස වාර්තා වේ.)
අද (22) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 649 දෙනෙකු වේ.
අද (22) දින උදෑසන EY 294 දරණ මගී ගුවන් යානය මගින් අබුඩාබි සිට පුද්ගලයින් දෙසීය අනු දෙනෙකු (290) මෙරටට පැමිණ ඇති අතර, අද දින මධ්‍යහනේදී UL 1160 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට තවත් පුද්ගලයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇත. එසේ පැමිණෙන පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.
අද (22) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් දහ අට දෙනෙකු (18) තම නිරෝධායන කටයුතු අවසන්
කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, හොටෙල් ජෙට්වින් බ්ලූ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් තිදෙනෙකු (03), බිකෝණ් බීච් හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් එක් පුද්ගලයෙකු (01), නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයතුළින් පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) සහ කල්පිටිය රුවල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් තිදෙනෙකු (03) වශයෙන් වේ.
එසේම, අද (22) දිනය වනවිට පුද්ගලයින් 43,849 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.
එසේම, අද (22) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 66 ක් තුළ පුද්ගලයින් 6,626 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (21) දිනය තුලදී PCR පරික්‍ෂණ 1470 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 269,483 ප්‍රමාණයක් සිදුකර ඇත.
අද (22) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයින් දොලොස් දෙනා (12) අතරින් පුද්ගලයින් සිව් දෙනෙකු (04) විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් අට දෙනා (08) කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් ලෙස වාර්ථා වේ.
එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 646 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 03 දෙනෙකු වේ.