පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද(22) පාර්ලිමේන්තුවේදී අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය රජය මෙම උද්‍යානය කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකළ බවත් මේ හේතුව නිසා අපේක්ෂිත අදායම ලඟා කර ගත නොහැකි වූ බවත් පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේදී මෙම උද්‍යානය සම්බන්ධයෙන් ඉලක්ක ගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කීය.
ඒ සඳහා රජය රුපියල් මිලියන පහළොවක පමණ මුදලක් වෙන්කර ඇති බවත් උද්‍යානයෙහි සිටින සතුන් සඳහා ප්‍රතිකාර කිරීමට , ආරෝග්‍යශාලා පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවද අමත්‍යවරයා කීය.