මුදල් පනත යටතේ නියෝග 07ක්, විදේශ විනිමය පනත යටතේ නියෝග 05ක්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 31ක් අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණි.
විවාදය ආරම්භ කරමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දැක්වීය.
ගොවියාට වඩාත් ආරක්ෂිත වෙළෙඳපොළක් ලැබී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේයි. මෙම අණ පණත් මගින් දේශීය ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා වෙනවා.මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ පාරිභෝගියකයා ආරක්ෂා කළ යුතු තැන පාරිභෝගිකයා ආරක්ෂා කරන බවත් නිෂ්පාදකයා ආරක්ෂා කළ යුතු තැන නිෂ්පාදකයා ආරක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.