වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා පැවසුවේ,නගර ආශ්‍රිතව කසළ බැහැර කිරිම්,වන සංහාරයක් වේ නම් ඒවා වැළැක්වීම සහා ඝෘජුව ඔවුන් දායක කර ගැනීමටත්,බලාපොරොත්තු වන බවයි.ඒ සඳහා සෑම පොලිස් ස්ථානයක ම පරිසර පොලිස් ඒකකයට 05 දෙනෙක් පුහුණු කර ඇති බව ද ඇමතිවරයා කිය.ඊට අමතරව පරිසර පොලිසියේ සහයෝගයෙන්,නීතිවිරෝධි ලෙස සිදු වන වැලි කැපීම්,පස් කැපිම්,වැලි ගොඩ දැමීම්,ආදිය සඳහා කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසීය.
මෙම ක්‍රියාවන් සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොවන ලෙස කිරීමටත් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා පරිසර කමිටු දිරිමත් කිරීමට ද තමා බලාපොරොත්තු වන බව කීය.
ආණවිලුන්දාව රක්ෂිතය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟු පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා සඳහන් කළේ,මේ සිද්ධිය නිතිවිරෝධි ක්‍රියාවක් බවත් ඊට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව තරාතිරම,දේශපාලන නොබලා නීතිමය පියවර ගන්නා බවද සඳහන් කළේය.
එසේම අමාත්‍යාවරයා වැඩිදුරටත් සඳහන් කළේ,මේ වන විට සමාජ මාධ්‍යවලින් අසත්‍ය ප්‍රවෘත්ති සමාජ ගත වන බවය.කෙසේ වුවද එම සමාජ ජාලාවලින් හුවා දක්වන ආකාරයෙන් වන විනාශයක් සිදු නොවි ඇති බවත්,නිවැරදි තොතුරු මාධ්‍ය හරහා වාර්තා කරන ලෙස ද අමාත්‍යවරයා මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.